(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභිනව ජනාධිපති ධූරයට නාමයෝජනා බාරදීමට නියමිතව සිටින අපේක්ෂකයන් සිය ඡන්ද ව්‍යාපාරය පාර්ලිමේන්තු සභා ගර්භයෙන්ම අද උදේ ආරම්භ කිරීම විශේෂ සිද්ධියක් විය
පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් අවසන්වී සභාව කල් තැබීමෙන් පසු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා උද්යෝගයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතරට ගොස් ඔවුන් සමග සුහදව කතා බහ කරමින් කටයුතු කරනු දැකගත හැකිවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා අසලට ගොස් ආචාර කරමින් ඔහුට සුභ පැතුම් පිරිනැමුහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟ කතාබස් කරමින් ඡන්ද ව්‍යාපාර කටයුතුවල යෙදුණේය.
කෙසේ වෙතත් ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා නාමයෝජනා බාරදීමට නියමිතව සිටින ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ සිටියේ නැත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරු පාර්ලිමේන්තුවට අද නොපැමිණියහ.
කෙසේ වෙතත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සභාගර්භයේ ආරම්භයේ සිටම රැඳී සිටිනු දැකගත හැකිවිය.