ජනපති - අගමැති ඉල්ලා අස්විය යුතුයි


(අජන්ත කුමාර අගලකඩ,සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක විරරත්න)

ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

පක්ෂ නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම රැසවීම කතානායක නිල නිවසේ දී පැවැති අතර රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මහත්වරු සූම් තාක්ෂණයෙන් මෙම රැසවීමට සහභාගී වි ඇත.

කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඔහුගේ මුලිකත්වයෙන්  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට  කටයුතු කරන්නැයි පක්ෂ නායකයන් බහුතරයක්  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉල්ලා ඇතැයි පැවැසේ