ජනපති - අගමැති අස්වීම් ලිපි අද රෑ කතානායකට


(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අද රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායක යැවීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව වැඩ බලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වීමට නියමිතය. 

ඉන් පසු සතියක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා නව ජනාධිපතිවරයකු පත් කර නව රජයක් පත්කර ගැනීමට පියවර ගනු ඇත.