(සුජිත් හේවාජුලිගේ )
ජනතාව නිවීමට ඇති එකම මාර්ගය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රාජපක්ෂවරු ඉවත් නොවුවහොත් අරගලය මුවහත්වී ඉදිරියටම යනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂයට කළ නොහැකි වූ දෙයක් ජනතාව කළ බව පැවසූ රණවක මහතා ජනතාවගේ මතයට ඇහුම්කන් දී අගමැතිවරයාද ඉවත් විය යුතු බව පැවසුවේය.