ජනතා බලය රකින හැටි ජනපති කියයි


ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය  කටයුතු කළ යුත්තේ ජනතා පරමාධිපත්‍යය රැක ගැනීමට මිස එක් එක් අයගේ බලය පෙන්වීමට නොවේ යැයි මහින්ද රාජපක්ෂ ජනපති රත්නපුරයේ දි ප්‍රකාශ කෙළේය. රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ජනපති පැවැසූයේ ජනතා පරමාධිපත්‍යය කිසිවකුටත් උදුරා ගත නොහැකි බවයි.  ජනතා පරමාධිපත්‍යය රැකගැනීමට කළ හැකි හැම දෙයක්ම කළ යුතු යැයි ද ජනපති කීවේය. රජයේ සංවර්ධනයේ දී ගමත් නගරයත් දියුණු කිරීමට ප්‍රාදේශීය සභාව හා පළාත් සභාව පමණක් නොව ඇමැතිවරුන් හා මුළු රටම එක් විය යුතුය යැයිද ජනපති සඳහන් කෙළේය.