( තිළිණි ද සිල්වා)
මානව අයිතිවාසිකම් සහ ත‍්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා පස් දින නිල සංචාරයක් සඳහා ලබන සඳුඳා (10) දිවයිනට පැමිණීමට නියමිතය.
ලබන 14 දක්වා ශ‍්‍රී ලංකාවේ රැඳී සිටින බෙන් එමර්සන් මහතා ත‍්‍රස්තවාදය පිටු දැකීමේ කටයුතු පිළිබඳ ක්ෂේත‍්‍රයන්හි මුල පිරුම් සහ ඒවා මානව අයිතිවාසිකම් ප‍්‍රවර්ධනයට සහ ආරක්ෂා කිරීමට බලපාන ආකාරය ගැන ඔහු විසින්ම තොරතුරු රැස් කිරීමට මෙම සංචාරය තුළඳී කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතගේ මෙම ශ්‍රී ලංකා සංචාරය ඇසුරෙන් සැකසූ වාර්තාවක් ලබන වසරේ මාර්තු මාසයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමටද නියමිත බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

