ලෝක රූ රැජින තරඟය ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරින් බාලි දූපතට මාරු කර ඇත.
දින ගණනක් පුරා මුස්ලිම් දැඩි මත ධාරීන් විරුද්ධ වීම නිසා හින්දු බහුතරයක් සිටින බාලි දූපතේ තරඟය පැවැත්වීමට යයි.
ජයග්‍රාහිකාවට සැප්තැම්බර 28 වැනිදා කිරුළු පැළදීමට නියමිතය.
වැඩි දෙනාගේ මතයට ගරු කරමින් ඉන්දුනීසියා රජය මේ පියවර ගත් බව එරට නායකයෝ කියති.