ජගත් බොදු සමුළුවක් බරණැස් නුවර


ලොව බෞද්ධ සිද්ධස්ථාන අතර සංචාරක කර්මාන්ත ප‍්‍රවර්ධනය සඳහා වන අන්තර්ජාතික බෞද්ධ සමුළුවක් ඉන්දියාවේ බරණැස් හෙවත් වාරණාසි නුවර ලබන 28 වැනිදා ඇරඹීමට නියමිතය. රටවල් 28 ක නියෝජිතයන් 350 දෙනකු ඊට සහභාගී වීමට නියමිතය. උත්තර ප‍්‍රදේශ් මහා ඇමැති අකිලේශ් යාදෙව් සමුළුව විවෘත කිරීමට නියමිතය