ජංගම හලෝ සෙබළාට මරු කැඳවයි
යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ නාවික කඳවුරට වැදුණු අකුණකින් සෙබළෙකු මියගිය බව ඩෙල්ෆට් පොලීසිය පවසයි. පාදුක්කේ පදිංචි මෙම සෙබළා අකුණු ගසද්දී තම ජංගම දුරකථනයෙන් කතා කරමින් සිටි බවත් තුවාල ලැබූ ඔහු යාපන රෝහලට ඇතුළු කළ නමුත් ජීවිතය බේරාගැනීමට නොහැකිවූ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

