ඡන්දෙට බඩු බෙදන අයට ඇමැතිගෙන් දොස්


ලේකම්වරුන්ට ඕනෑ විදියට ලැයිස්තු හදා බිබිල ආසනයේ බඩු බෙදීමට මින් ඉදිරියට ඉඩ නොතබන බව වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා බිබිලේ ඡන්ද රැස්වීමක් අමතමින් පැවසීය.

‘මැති ඇමැතිවරුන් දැන් ගෙන් ගෙට යනවා. අපේ මිනිසුන්ට අරවා මේවා දෙනවා කියා බොරු පොරොන්දු දෙන්න එපා. තෑගි නියෝජිතයන්ටයි එහෙම කියන්නේ. බිබිල ආසන සංවිධායක මම. මේ ආසනයේ ඕනෑම යූඑන්පී ගෙදරකට, ජේවීපී ගෙදරකට මට යන්න පුළුවන්. මගෙන් උදව්වක් ඉල්ලුවොත් පාට හෝ පක්ෂ බේද බලන්නේ නෑ. ඒ නිසා මේ කැලයට ඇවිල්ලා බඩු බෙදලා බොරු පොරොන්දු දෙන්න එපා.‘