අවතැන් ඡන්ද දායකයන් තිදෙනකු සඳහා කොකුවිල්හි ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඇතැයි වව්නියාව තේරීම්භාර නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි.
වව්නියාව දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයෝ 94644ක් සිටිති. ඡන්ද මධ්‍යස්ථාන ගණන 89කි.
අවතැන්වූවන් 799ක් සඳහා මැදවච්චියේ ද ඡන්ද මධ්‍යස්ථානයක් විවෘත වෙයි.
වව්නියාවේ සිට කිලෝමීටර 150ක් දුරින් පිහිටි කොකුවිල් ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පොලිසියේ තිදෙනෙක් ගොස් සිටිති.