ඡන්ද ලැයිස්තුවට නම දාගන්න සැප්තැම්බර් 6 තෙක් කල් දෙයි


(රංජන් කස්තුරි)

2017 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් කරගැනීමට නොහැකිවූ ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 6 වැනිදා තෙක් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

2017 ඡන්ද හිමි නාම ලේඛන පිටපත් ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනයට තබා තිබෙන අතර ඒවා පරීක්ෂාකර නම ඇතුළත්ව තිබේදැයි පරීක්ෂා කළ හැකි බවද මැතිවරණ කොමිෂම පෙන්වා දෙයි.