ඡන්ද නීති රකින්න පොලිසියේ 9000 ක්


ජනාධිපතිවරණ සමයේ ඡන්ද නීති රැකීමට පොලිසියේ 9000 ක් සේවයට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඡන්ද නීති කඩකරන සියලු දෙනා පක්ෂ භේදයකින් තොරව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද ඔහු කියයි.

අපේක්ෂක කටවුට් ඇතුළු නීති විරෝධී ප්‍රචාරක පෝස්ටර් , බැනර් ආදිය ඉවත් කරන ලෙස ඡන්ද කොමසාරිස් නියෝග කළත් බොහෝ තැන්හි අද ඒවා ප්‍රදර්ශනය කැරේ.