සැප්තැම්බර 21 වැනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට කෙන්නියාවේ විපක්ෂ නායක කැලොන්සෝ මුස්යෝකාගේ ප්‍රධානත්වයෙන් සිව්පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේ ශර්මා මේ ගැන නිවේදනය කළේය.
දැනටම කොළඹ පැමිණ සිටින මුස්යෝකා යාපනයට යෑමට ද නියමිතය.
දෙසතියක් ශ්‍රී ලංකාවේ ගත කරන ඔවුන් සිය වාර්තාව ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයයට භාර දෙනු ඇත.
එම කාර්යාලයය එය ශ්‍රී ලංකා රජයට, මැතිවරණ කොමසාරිස්ට හා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට ද , පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලද යැවෙනු ඇත.

