ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා ඔහුගේ ඡන්ද ලකුණ වන බැට් පිත්ත අතහරින බවට කොළඹ පදනම් ආයතනයේදී අද පැවසීය.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී ඔහු කළ ප්‍රකාශය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි.
ජනපතිවරණ අපේක්ෂකයකුට ඡන්දය ඉල්ලා සිටීමට හැකි නමුත් වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් ඡන්ද කටයුතු කළ නොහැකිය.
තවත් ජනපති ධූර අපේක්ෂකයකු වන ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී.ලියනගේ මහතාද එහි සිටියේය. එය ඔහු කතා කළේ නැත.

