(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති අපේක්ෂකයෙකුට ආධාර පිණිස දුම්මලසූරිය - වීරකොඩියාන ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් ඡන්ද අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙකු අද (14) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ පොලිස් වසමේ පාසලක මුරකරුවෙක් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වීරකොඩියාන කටුහේනවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක් බව පොලිසිය කීය.
මෙම සැකකරු සමඟ ඡන්ද අත් පත්‍රිකා 155 ක්, ලියුම් කවර 30 ක් හා එම පුද්ගලයා පැමිණි යතුරු පැදිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

