චෙක් සතුන් වත්තෙන් දෙහිවලට අමුත්තෝ


ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර සත්ත්ව හුවමාරු වැඩ පිළිවෙළ යටතේ චෙක් රජයෙන් පිරිනැමුණ කැලෑ අශ්වයන් යුවළක් කොමොඩෝ ඩ‍්‍රැගන් නමින් හඳුන්වන කටුසු විශේෂයක් සහ හිපපොටේමස් යුවළක් කටුනායක ගුවන්තොටුපොළෙන් දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයට අද රැුගෙන එනු ලැබූහ. චෙක් ජනරජයේ ප‍්‍රාග් නුවර ජාතික සත්වෝද්‍යානයට මෙරටින් රැුගෙන ගිය අලිපැටවුන් දෙදෙනකු වෙනුවෙන් මෙම සතුන් ලැබුණු බව සත්වෝද්‍යාන ආරංචි කියයි.