හොංකොං වල සිට මෙරටට පැමිණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් අශීලාචාර ලෙස හැසිරුනු බව කියන චීන ජතිකයෝ පස් දෙනෙක් මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීහු තීරණය කර ඇත.
ආගමන විගමන නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රශ්න කරද්දී තමන් ගොළුවන් බව අැඟවෙන අයුරින් මුලින්ම හැසිරුනු බවත් පසුව කලහකාරී ලෙස හැසිරී බලෙන්ම මෙරටට ඇතුළු වීමට උත්සහ දැරූ බව වාර්ථා වෙයි.
පසුව රේගුව විසින් පරීක්ෂා කිරීමේදි ද මොවුන් ලඟ නීති විරෝධී දුම්වැටි තිබී සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ උඩඟු ලෙස හැසිරෙමින් රේගු නිලධාරීන් සමගද කලහයකට පැටලීමට උත්සහ කර ඇත.
පසුව ආගමන විගමන නිලධාරීන් විසින් චීන ජාතිකයින් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු හොංකෙං බලා හරවා යැවීමට උත්සහ කර ඇතත් එම ගුවන් සේවා නිලධාරීන් පවසා ඇත්තේ ගුවන් යානයේදීද මෙලෙස කලහකාරී ලෙස හැසිරුනු බැවින් ගෙන යාමට අපහසු බවයි.
මෙම චීන ජාතිකයින් පස් දෙනා කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 611 දරණ ගුවන් යානයෙන් 31 වෙනිදා රාත්‍රියේ මෙරටට පැමිණ ඇත.
පසුව අද අළුයම 3.30 ට හොංකොං බලා යාමට නියමිතව තිබු එම ගුවන් සමාගමේම වෙනත් ගුවන් යානයකින් ආපසු යැවීමට ආගමන විගමන නිලධාරීන් උත්සහ කර ඇතත් ආසන නොමැති බව ගුවන්සේවය පැවසීම නිසා එයද ව්‍යවර්ත වී ඇත.
මේ වන විට මෙම චීන ජාතිකයින් පස් දෙනා ආගමන විගමන නිලධාරීන්ගේ බාරයේ පසුවන අතර අද පෙරවරු 10.20 ට ගුවන් ගත වීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 101 දරණ ගුවන් යානයෙන් හොංකොං වෙත යැවීමට කටයුතු කරන බව වාර්ථා වෙයි.
කෙසේ වෙතත් මොවුන් මෙරටින් පිටවන තුරු වන විය පැහැදම් සියල්ල මෙන්ම ගුවන් සේවා ගාස්තුද අදාල ගුවන් සේවයට දැරීමට සිදු වනු අැති බවද වාර්ථා වෙයි.

