
(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 660ක් වටිනා නවීනතම නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂා කිරීමේ වාහන (ජංගම විද්‍යාගාර) 8ක් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාර දුන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම ජංගම විද්‍යාගාර නිදන්ගත වකුගඩු රෝගවලින් බලපෑමට ලක් ව ඇති අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතලේ, බදුල්ල යන ප්‍රදේශ සඳහා යොදවනු ඇතැයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල,ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා ඇතුළු නිලධාරීනහු කිහිපදෙනෙක් සහභාගී වූහ.


