චාමරට අමතර ඇපය දෙන්න අලගියවන්න ඉදිරිපත් වෙයි


 

 

 

(රෝෂන් තුෂාර)


පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මගින්  නියම කළ  අමතර  ඇපය සඳහා   හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා  ඉදිරිපත්වි ඇත.

අද පස්වරුවේ කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ලසන්ත අලගියවන්න මහතා අදාළ ඇපයට අත්සන් තබා සිය විදේශ ගමන් බලපත්‍රය  අධිකරණ රෙජිස්ටාර්වරියට භාර දුන්නේය.