
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාටද දූෂණ වංචා සම්බන්ධයෙන් එම කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඒ කමිටුව තීරණය කර ඇත.
චරිත හේරත් මහතා දූෂණ වංචා සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී තොරතුරු රැසක් අනාවරණය කළ හෙයින් කමිටුව ඉදිරියට පැමිණ ඔහුට ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව දෙන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා දූෂණ වංචා කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින්ද තොරතුරු ගණනාවක් පසුගියදා අනාවරණය කළේය.

