චන්ද්‍රිකා වැවේ මැණික් ඉල්ලම්?


ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවාන ප්‍රතිසංස්කරණය කරද්දී මැණික් ඉල්ලමක් මතුවී යැයි කියමින් එක් දහස් පන්සියයකට වැඩි පිරිසක් වැවේ පස් හාරා ට්‍රැක්ටර්, ලොරි සහ ත්‍රීරෝද රථ තුනක් සමග එකොළොස් දෙනෙක් ඇඹිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ඉවත්කිරීමට පොලීසිය සෑහෙන වෙහෙසක් ගත්තේය. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ඇඹිලිපිටිය, කුට්ටිගල, පනාමුර යන පොලීසි වලින් කැඳවූ කන්ඩායම් යෝදා එහි ආරක්ෂාව තර කර ඇතැයිද පොලීසිය කියයි.