උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස එච් එම් ජී එස් පලිහක්කාර මහතා පත් කර ඇත.ඔහු හිටපු විදේශ ලේකම්වරයෙකි.
මින් පෙර ආණ්ඩුකාරවරයාව සිටි ජී.ඒ.චන්ද්‍රසිරි හිටපු විශ්‍රාමික මේජර් ජනරාල් වරයෙකි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඔහු දෙවරක් එම තනතුරට පත් කළේය. ඔහු වෙනුවට වෙනත් පුද්ගලයකු පත් කරන ලෙස උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා හිටපු රජයෙන් කළ ඉල්ලීම නොසලකා හැරිණි.
හේවා මාතර ගමගේ සිරිපාල පලිහක්කාර තානාපතිවරයෙකි. සිවිල් සේවකයෙකි. විදේශ ලේකම්වරයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු තානාපතිවරයෙකි. තායිලන්තයේද තානාපතිවරයා විය. එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ ආසියා හා පැසිෆික් නිත්‍ය නියෝජිතයා විය. ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්ද විය.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන පලිහක්කාර 1979 දී විදේශ සේවයට ඇතුළත් විය. අන්තර්ජාතික මානව හිමිකම් හා මානව හිමිකම් නීතිය පිළිබඳව ස්වීඩනයේ ලුන්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබීය. එක්සත් ජාතින්ගෙ සංවිධානයේ තනතුරු කිහිපයක් හොබවා ඇති ඔහු එක්සත් ජාතීන්ගේ නිරායුධකරණය පිළිබඳව පාඨමාලාවක්ද හදාරා ඇත. න්‍යෂ්ටික අවි හා අන්තර්ජාතික ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය විද්වත් කමිටුවේ සාමාජිකයෙක්ද විය.


