ඝාතන වංහුං හෙළිවී කහවත්ත නොසන්සුන් වේ
කහවත්ත කොටකෙතන ඝාතනයේ සුලමුල හෙළිවීමත් සමග එක් සැකකරුවකුගේ නිවෙසකට ගිනි තැබීමේ උත්සාහයක් වැළැක්වූ බව පොලිසිය කියයි.
ගමේ නොසන්සුන් තත්ත්වයක් හටගැනීමත් සමග විශේෂ කාර්යබළකාය සහ කැරැළි මර්දන බලඇණිය ද කැඳවා ඇත.
ගැමියන් තැන තැන රැස්වී පාරවල් දිගේ ද එහෙ මෙහෙ යතියි පොලිසිය කියයි.
ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි රත්නපුර සහකාර පොලිස් අධිකාරි බුද්ධි උඩුගම්සූරිය මහතාගේ කාර්යාල ආරංචිමාර්ග පවසයි.

