ඝාතක ගැටේ කැඩේ


පෑලියගොඩ පෞද්ගිලක ආරක්ෂක ආයතනයක 18 හැවිරිදි රැකවල් කරුවකු මරා එල්ලා ඇතැයි කියන සිද්ධියක් ගැන පෑලියගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි. ඔහුගේ සිරුර තංගුස් නූලකින් බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත. මේ අතර දෙහිඅත්ත කණ්ඩියේ පුතකු විසින් 67 හැවිරිදි පියා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. බීමතින් පැමිණි පුතා හා පියා අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් කළ පහරදීමකින් මේ ඝානය සිදුවී ඇති බවද හෙතෙම සඳහන් කරයි.