හර්ෂණ තුෂාර සිල්වා
ගෝලීයව ඇති වී තිබෙන නව ප්‍රවණතාවලට ශ්‍රී ලංකාකියන් බිය විය යුතු නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (28) පැවැසීය.
ඉන්දියානු සාගර කලාපයේ මතුවෙමින් තිබෙන ගැටලු සහ විදේශ ප්‍රතිපත්තිය යන මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ග අධ්‍යයන ආයතනයේ පැවැති සමුළුවේ ආරම්භක දේශනය කරමින් විදේශ ඇමැතිවරයා ඒ බව පැවැසීය.
ආරම්භක දේශනය සිදු කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රධාන කොටස් තුනක් පිළිබඳව අවධානය යොමු කළේය.
වෙනස් වෙන ලෝකය, වෙනස් වන ලෝකයේ නව ප්‍රවණතාවලට ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්ති කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද යන්න සහ ලෝකයේ නව ප්‍රවණතාවලට සාපේක්ෂව මෙරට විදේශ ප්‍රතිපත්තිය කෙසේ වෙනස් විය යුතු ද යන කොටස් තුන යටතේ අමාත්‍යවරයා අදහස් දැක්වීය.
දින දෙකක් මුළුල්ලේ පැවැත්වෙන මෙම සමුළුවේ පළමු සැසිවාරයේදී ඉන්දියානු සාගර කලාපයේ මතුවෙමින් තිබෙන ගැටලු යන්න ප්‍රධාන මාතෘකාව විය. එහිදි කලාපයේ මතුවෙමින් තිබෙන ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ඉන්දියානු සාගර කලාපයේ සාම්ප්‍රදායික ආරක්ෂාව සහ ලෝක බලවතුන් කලාපය සම්බන්ධයෙන් දක්වන ලැදිකම්, සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන යන මාතෘකා යටතේ ද අදහස් දැක්විණි.
දෙවැනි සැසිවාරයේදී සාගර කලාපය ආශ්‍රිතව ඇතිවන වාණිජ ආරවුල් නිරාකරණය, සාගර සම්බන්ධ නීති, වාණිජ සහ නීතිමය සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් පළ විය.

