
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෝල්ෆේස් අසල මුහුදේ දිය නෑමට ගිය එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
එක් අයකු බේරාගෙන රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.
මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි හය දෙනකුගෙන් යුත් පාසල් සිසුන් පිරිසක් දිය නෑමට ගොස් ඇති අතර එන් තිදෙනකු ගසාගෙන ගොස් ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් දරුවන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කර ඇති අතර ඉන් එක් දරුවකු රෝහලේ දී මියගොස් ඇත. අනෙක් දරුවා අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
අතුරුදහන් වූ සිසුවා සොයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මේ වන විට විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

