ගෝඨාභයට සිංගප්පූරුවෙන් යන්න වෙයි?


(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 15 ට වඩා සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබා දිය නොහැකි බව සිංගප්පූරු බලධාරීන් දැනුම් දී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින 15 අවසානයේ සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවන බව එම  වාර්තා තහවුරු කර ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එළඹෙන 29 වෙනි දින සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට  විරුද්ධව නඩු පැවරීමට ඉඩ ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය ප්‍රකාශ කළේය.