(නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට යාමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(03) අවසර ලබාදුන්නේය.
වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා ඔක්තෝබර 9 සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමටඅවසර ඉල්ලා 01 වැනිදා අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.
ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභය මහතාට විදෙස් ගමන් තහනම් කර තිබිණි.
මෙම නඩුව අද(03) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම අවසරය ලබාදී ඇත.

