(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි ලෙස ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔහු සතුව ඇති විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැදුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝම්බර් මස 02 , 03 සහ 04 සලකා බැලීමට අභියාචනාධිකරණය අද ( 30) තීන්දු කළේය.
දේශපාලනමය වැදගත්කමකින් යුත් කරුණක් ලෙස සලකමින් මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කල ඉල්ලීමක් සලකා බලමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අධිකරණය නියම කළේය.
ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 02 වනදා සලකා බැලීමට දින නියම කෙරිණි

