(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම අද (2) අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරිණි.
ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ හෙට (3) සහ 4 යන දිනවලදී සලකා බැලීමට නියමිතය .
දේශපාලනමය වැදගත්කමකින් යුත් කරුණක් ලෙස සලකමින් මෙම පෙත්සම ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බලමින් මෙය ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට අධිකරණය නියම කළේය.
ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද සලකා බැලේ.

