ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරු බලා යාමට අද අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
ඔක්තෝබර් 09 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය ඒ සඳහා ඔහු ඉල්ලා ඇත.
ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභය මහතාට විදෙස් ගමන් තහනම් කර තිබේ.

