ගෝඨාට එරෙහි නඩුවේ තීන්දුව සවස 6.00 ට


( තිළිණි ද සිල්වා සහ රංජන කටුගම්පොළ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති  රිට් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම හා අතුරු නියෝගය පිළිබඳ තීන්දුව  අද සවස 6.00  ට ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය මීට ස්වල්ප වේලාවකට පෙර තීන්දු කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවේ යයි ප්‍රකාශ කරමින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකරනු ලැබ තිබිණ. 

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ තවදුරටත් සලකා බැලෙමින් පවතී.