ගෝඨාගේ පාස්පෝට් - හැඳුනුම්පත් ලියැවිලි නීතිපති දෙපාර්තමේන්තුවට


ජයන්ත සමරකෝන්

හිටපු ආරක්ෂක ලේකම් හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැඳුනුම්පතට සහ ගමන් බලපත්‍රයට අදාළ සියලුම නීත්‍යනුකූල ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (1) බාරදුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට නීත්‍යානුකූල ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු අද (2) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය මගින් කරන ලද දැනුම් දීමට අනුව ඊයේ (1) එම ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව ද එම දෙපාර්තමේන්තුවල උසස් නිලධාරිහු  ‘ලංකාදීප’යට පැවැසූහ.