
ගොඩ්සිලා වර්සස් කොංග් සහ ගොඩ්සිලා එක්ස් කොංග් ද නිව් එම්පයර් යන චිත්‍රපටවල බිහිරි ගෝත්‍රික දැරියගේ චරිතයට පණ දුන් කෙයිලී හොට්ල් රිය අනතුරකින් මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
කෙයිලී හොට්ල්, රංගන ශිල්පිනියක වුවත්, ඇය සැබැවින්ම බිහිරි තැනැත්තියකි. කෙයිලී හොට්ල් උපන්නේ, 2007 මැයි 1 වැනිදාය. මියයනවිට ඇගේ වයස අවුරුදු 18 කි. කෙයිලී හොට්ල් මියගියේ ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සිදුවුණු රිය අනතුරකිනි.

