ගුවන්තොටේ නව උද්‍යාන නිර්මාණ කාර්යාල ගොඩනැගිල්ලක්


කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ උද්‍යාන නිර්මාණ අංශයේ නව කාර්යාල ගොඩනැගිල්ල අද විවෘත කළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැල සිටුවීමේ වැඩසටහනකට ද සහභාගී විය. ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය සහ විධායක අධ්‍යක්ෂ යොහාන් ජයරත්න මහත්වරු ද එම අවස්ථාවට එක් වූහ.