ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හයක් සමඟ හෙලිකොප්ටර් බළ පන්තියක් මධ්‍යම අප්‍රියා ජනරජයේ සහ සූඩානයේ රාජකාරි සඳහා යවන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක කියයි.
ප්‍රථම කණ්ඩායම එම් අයි 17 හෙළිකොප්ටර් යානා තුනක් සමඟ වින්ග් කමාන්ඩර් නිපුණ තන්නිපුල්ලේආරච්චිගේ අද (9) පිටත්ව ගියේය.
නිලධරයෝ 17 දෙනෙක් ද, ගුවන් භටයෝ 105 දෙනෙක් ද ඔහු සමඟ ගියහ.
වින්ග් කමාන්ඩර් විශ්ව ශ්‍යාමන්ත දෙවැනි කණ්ඩායමට නායකත්වය දෙයි. ගුවන් භටයෝ 120ක් ඔහු සමඟ යති.
භට පිරිස්, තුවාලකරුවන් , ප්‍රභූන්, ආහාර පාන සහ භාණ්ඩ ප්‍රවාහනය ඔවුන්ට පැවරෙන රාජකාරි අතර වෙයි.



