ගුවන් හමුදා සැරයන් රිමාන්ඩ්


මොනරාගල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දෙකෝටියක කප්පමක් ඉල්ලා තර්ජනය කළැයි කියන ගුවන් හමුදා සැරයන් උපුල් සමන් කුමාර මොනරාගල මහේස්ත්‍රාත් සංජිව ජිනදාස මහතා විසින් ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ව්‍යාපාරික  ආර් එම් අමරානන්ද මහතාට දුරකතනයෙන් තර්ජනය කැර කප්පම නුදුන්නොත් ඔහුද ඔහුගේ දරුවන් ද මරා දමන බවට තර්ජනය කර ඇතැයි පොලීසිය කියයි.

කඳානේ පෞද්ගලික සන්නිවේදන ආයතනයකින් සැරයන් ව්‍යාපාරිකයාට තර්ජනය කරනු එහි සිසිටීවී කැමරාවල සටහන් වී තුබු බව පොලීසිය අධිකරණයට දැන්වීය.