ගුවන් සේවිකාව යළි රිමාන්ඩ්


කුඩු පැකට් 27 ක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවට එරෙහි නඩුවේ පොලිස් වාර්තාව ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා වැල්ලවත්ත පොලිසියට නියෝග කෙළේය. රාජගිරියෙ රොසෙල් ඇන් බහාර්ට ඇප දෙන්නැයි ඇගේ නීතිඥ නලින් වීරකෝන් මහතා ඉල්ලා සිටියේය. ඇප නියම කිරීමේ බලයක් තමාට නැතැයි මහේස්ත‍්‍රාත් පවසයි. සැකකාරි ද තවත් අයෙක්ද ඔක්තෝබර් නව වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.