පසුගිය යුද සමයේ මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ කතෝලික ආගමික පුජෝත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ මුලිකත්වයෙන් තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා කතෝලික දේවස්ථානයේදී පැවැත්විණි.
ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම කතෝලික ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන්, සේවයේ යෙදී සිටියදී මියගිය සෙබළුන් සිහිකර යාඥා කිරීම, සක‍්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිම මෙහිදී සිදු කෙරිණි.
මෙම දේව මෙහෙයට ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ට නිළධාරීන් සෙසු නිළයින් ඇතළු මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයෝද සහභාගී වූහ.

