ගුවන දිනූ ලක් පුත්තු


ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ වසරේ   විශිෂ්ටතම දස්කමි දැක්වූ  ගුවන්  භටයෝ   ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම අතින් සම්මාන ලදහ. 2011  මුල සිට අග දක්වා කාලය තුල ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔත්සේ දක්ෂතා ප‍්‍රදර්ශනය  කල ගුවන් භටයින්ට මෙදින සමිමාන හිමිවිය. වසරේ විශිෂ්ටතම ගුවන් භටයා  ලෙස බළපන්ති සැරයන් එස්.ඒ බොතේජු සමිමාන හිමිකර ගත් අතර වසරේ හොඳම සංවර්ධන පර්යේෂණ කණ්ඩායම ලෙස වින්ක්මාන්ඩර් එමි.පී.ඒ මහවත්තගේ, බළඝන නායක එල්.එමි.සී.බී නිශ්ශංක, බලලත් නිලධාරී පතිරත්න, සැරයන් ආර්.පී.ඩී.පී.ඩබිලිවි අමරසේකර සහ සැරයන් ජී.ජී.එමි.ඩබිලිවි.පී කොල්ගොල්ල  සමිමාන සම්මාන ලදහ. උපකාරක වෘත්තීන් හි හොඳම ගුවන් භටයා බලපන්ති සැරයන් එස්.ඒ.ටී.අයි චන්ද්‍රසේකර, මෙහෙයුමි භූමි වෘත්ති හොඳම ගුවන් භටය  සැරයන් එචි.කේ.ආර්.ටී පෙරේරා, වෛද්‍යය හා දන්ත සේවා ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන් භටයා බලලත් නිලධාරී එචි.ඩබිලිවි.සී.කේ සිල්වා, පරිපාලන ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන්භටයා ප‍්‍රධාන බලලත් අධිකාරී වනිගසේකර, සැපයුම්  ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන් භටයා බලලත් නිලධාරී පී.ඒ. ආර් ලෙනෝරා, සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන් භටයා බලපන්ති සැරයන් එස්.ඒ බොතේජු, විද්‍යුත් හා විදුලි සන්දේශ ඉංජිනේරු අංශයේ හොඳම ගුවන් භටයා සැරයන්  එල්.එමි.සී.පී වික‍්‍රමසිංහ, සාමාන්‍යය ඉංජිනේරු අංශයේ හොඳම ගුවන් භටයා බලපන්ති සැරයන් එස්.පී.එන් අබේසේකර, ගුවන් යානා ඉංජිනේරු අංශයේ හොඳම ගුවන්භටයා බලපන්ති සැරයන් දි සිල්වා සම්මාන ප‍්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා උත්සවය අමතමින් කියා සිටියේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයිනගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක සිදුවන අතර හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ඨ ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.  2011 වසරේ විශිෂ්ටතම ගුවන් භටයාට හිමි සමිමානය හිමිකරගත් බලපන්ති සැරයන් එස්.ඒ බොතේජු  ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම අතින් විශිෂ්ටතා සමිමානය ලබා ගනී.  2011 වර්ෂයේ  විශිෂ්ඨ දස්කමි දැක්වා   සමිමානයට පාත‍්‍ර වූ ගුවන් භටයෝ ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා සමග