ගුරුන්ගේ ඔළුවට අත හෝදන්න දෙන්න එපා


බස්නාහිර පළාත් පාසල්වල තීන්ත ආලේක කිරීම සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට ඉදිරිපත් කරන ඉල්ලුපත්‍රවල විදුහල්පතිට අමතරව පළාත් සභා මන්ත්‍රීවරයකු අත්සන් තැබිය යුතු බවට අතිරේක ලේකම්වරයකු කර ඇති නියෝගය නීති විරෝධිබව ලංකා ගුරු සංගමය කියයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ 2012/10/22 දිනැති ලිපියකින් බස්නාහිර පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ඒ බව දැනුම් දී ඇති බවයි. 1332ක් පමණ වන බස්නාහිර පළාතේ පාසල් වල විදුහල්පතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් ළඟට යැවීමට තරම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම දැඩි ලෙස හෙලා දකින බව ද ස්ටාලින් මහතා කියයි.