ගුරු සංගම් නමයක් පාර දිගේ ඉසුරුපායට
ගුරුවරුන්ගේ හා විදුහල්පතින්ගේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නමයක් රාජගිරියේ ඇන් ඇම් පෙරේරා පිළිරුව අසලින් බදාදා බත්තරමුල්ලේ ඉසුරුපායට පයින් යෑමට නියමිතය.
අතුරු වැටුප් යෝජනා, ගුරු-විදුහල්පති උසස්වීම්, ආපදා හා දේපළ ණය ආදිය ඉල්ලීම් අතර වේ.
දළ දේශීය නිශ්පාදනයෙන් අඩුම වශයෙන් සියයට හයක්වත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කැර ගැනීම ද තවත් ඉල්ලීමකි.
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය ද මීට සහාය දක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියයි.
ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, සමස්ත ලංකා විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහපති සංගමය සහ ස්වාධීන ලංකා ගුරු සංගමය ද පාගමනට එක්වන බව ස්ටාලින් මහතා පවසයි.

