ගුරු-විදුහල්පති වර්ජනය 24?
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ගුරු-විදුහල්පති සමිති නමයක අත්සනින් අධ්‍යාපන ලේකම්ට යොමු කළ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු පමණක් සහභාගී කර ගනිමින් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත් ලංකා ගුරු සංගමය කියයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ 2008.12.03 අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කළ අතුරු වැටුප් යෝජනා ඇතුළු කාරණා තුනක් ගැන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ඔක්තෝබර් 24 වැනිදා ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය එලෙසින්ම බවත්වන බවයි.

