ගුරු දා සරසවි ගුරු වර්ජනය අවසන් ?


මාස තුනක පමණ කාලයක සරසවි ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. බොහෝ විට රජය හා ආචාර්ය සංගමය සිය සාකච්ඡා ගැන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ඉඩ ඇත. මේ සාකච්ඡාවල විශේෂ ලක්ෂණය වනුයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහත්වරුන් සමඟ සාකච්චා පැවැත්වීමයි. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සාකච්ඡාවලට සහභාගී වූයේ නැත.