පකිස්තාන ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් ද ඇතුළු 32කු රැගත් බෝට්ටුවක් ඉන්ධන නොමැතිව යාන්ත්‍රික දෝෂයකට ලක් වී මුහුදේ පාවෙමින් තිබියදී ඉතාලියේ රෙජ්යෝ කලාබ්‍රියා පළාතේ රොසෙල්ලා යෝනිකා වෙරළට සැතපුම් සියයක් ඈත මුහුදේදී ඉතාලි වෙරළාරක්ෂකයන් විසින් බේරා ගන්නා ලදැයි ඉතාලි ආරංචි කියයි.
ගිළෙමින් පැවිති බෝට්ටුවේ සිටි පිරිස හඳුනාගැනීම සඳහා රොසෙල්ලා යෝනිකා වරායට ගෙන යනු ලැබූහ.