ගිලන්රථ රියදුරා වහළෙන් බසී


ජ්‍යේෂ්ඨත්වය අනුව පත්වීම දෙන්නැයි ඉල්ලමින් ගිලන්රථ රියදුරකු අනුරාධපුර රෝහල ඉදිරිපිට සෞඛ්‍යසේවා කාර්යාලයේ වහළට නැග සිදුකළ උද්ඝෝෂණය ද ඔහුට සහාය පලකරමින් අනුරාධපුර ගිලන්රථ රියදුරු වර්ජනය ද බ්‍රහස්පතින්දා රාත්‍රී අවසන් විය. වහළ මත සිටි රියදුරා නොච්චියාගම රොහලේ රියදුරකු ලෙස පත් කිරීමට තීරණය විය. ඔහුගේ ඉල්ලීම වූයේ ද එයයි.