ගිරිඋල්ල නගරයත් ජලාශයක් වෙයි


මා ඔයට පිවිසෙන අතුරු ඇළ මාර්ගයක් පිටාර ගලා අලව්ව නගරයෙන් අඩක් ජලයෙන් යටවී ඇත.

නගරයේ කඩ සාප්පු වසා ඇති අතර අලව්ව - ගිරිඋල්ල මාර්ගයද ජලයෙන් යටවී ගමනාගමන කටයුතු ඇන හිට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද උදෑසන  අලව්වට පැමිණියේය. සවස රැලියක් පැවැත්වීමටද නියමිතය.