ගිරා මාරයෙක් සැකපිට


ශ්‍රි ලංකාවේ ආරක්ෂිත පක්ෂින් ලයිස්තුවේ  ඉතා  දුර්ලභ ගිරා  වර්ගයකට අයත් පඬු ගිරවකුද  රෑන ගිරා  රංචුවක් වෙළෙදාම සදහා  කොළඹ ග්‍රෑන්ඩ්පාස් මහ කුමාර විදීයේ  සුරතල් සතුන්  විකිණිමට තබා තිබු  වෙළෙදසැලක ප්‍රදර්ශනය  කරමින් සිටියදී  සැකකරුවකුද සමග අත්අඩංගුවට ගත් බව වනජීවී  විශේෂ  වැටලීම් ඒකකයේ  අඩවි වන නිලධාරී සමන් ලියනගම මහතා කියයි.

 ශ්‍රී ලංකාවේ ගිරවුන් වර්ග  පහක් සිටියි.මෙම ගිරවුන් වැඩි වශයෙන්  වෙසෙන පුත්තලම,කරුවලගස්වැව,විල්පත්තුව, ආදී  ප්‍රදේශ වලින් අල්ලා ගෙනවිත් වෙළෙදාම සිදු කරන බව නිලධරයෝ කියති.

මේ සතුන්  රඳවා තබන ස්ථානයක් කොළඹ  ජා ඇල ඇතැයි  කියති.