කොළඹ මහ නගර සභාවේ ගිනි නීවීම් සේවා හා ජීවීත ගලවා ගැනීමේ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කැරැණු ‘ගිනි නිවීමේ සතියට‘ සමගාමීව රාජ්‍ය ආයතන හා පෞද්ගලික කාර්යාල සේවකයින් දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික පුහුණුවක් කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිට අද පැවැත්විණි.
රාජකාරී ස්ථානයකදි හදිසියේ සිදුවන ගිනි ගැනීමක් නිවා දැමීමට ගත යුතු ක්‍රියා මාර්ග ,ගින්නෙන් ජීවීත ගලවා ගැනීමට භාවිතා කළ යුතු ක්‍රම වේද මෙන්ම ගිනි නීවීමේ උපකරණ භාවිතය පිළිබඳව මෙහිදී ගිනි නිවීමේ නිලධාරීන් විසින් කාර්යාල සේවකයින් දැනුම්වත් කරන ලදී.
ලෝක වෙළද මධ්‍යස්ථානය අවට බැංකු ,රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන කිහිපයකම සේවකයෝ එම පුහුණුව ලැබුහ.

